මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින
හොඳ ලෙස හැදීමට
හොඳ සිත් ඕනෑ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදු වන්නෙි අපහට
නරක සිතකින් නම්
හොඳ නොකළැකි කිසියම්
හොඳක් නොකළේ නම්
උපන් ගතියෙන් නැත පලක් නම්
පව් නම් නරක මය
එයින් දෙලොවෙහි දුකි මය
පින් නම් උතූම් මය
එයින් දෙලොවෙහි මහත් සැප මය
තමන් පණ ලෙස හැම
සතුන් ගැන සළකා පෙම
ඔවුන් දුටු විලසම
කරන් ආදර ගුණය නොහැරම
සෙල්ලම් සිතින් වත්
යම්කිසි තරහකින් වත්
මරන සිතකින් වත්
සතුන්හට වදදීම නොහොබ්ත්
නොමින් දුක් විදිමින
අනුන් සෙව් දන මිල දැන
හොරෙන් නො ගනුව පැන
සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන
අනුන්ගෙන් නැති උන
දෙයක් ලැබුණොත් යම් දින
එය සගවා නොනගන
දෙන්ට කරැණා කරන් සතුටින
කුණු සරැප නො කියනු
කේලම් වචන නො කියනු
විහිලු බොරැ නො කියනු
ඇනුම්පද කිසිවෙකුට නො කියනු
බොරැ කීම කැතමය
ගැරඩි කුනටත් නො සමය
ඇත්ත නම් කදිමය
මෙලොව රජ සැපතටත් උතුමය
Advertisement









