2009/12/11 මස මගේ ප්‍රථම කඩඉමට මුහුණ දුන්නා. දැන් මට ඉළග කඩඉමට බයක් නැතිවම මුහුණ දිමට පුළුවන්.මට මුලින්ම කියන්න ඕන අපි O/L විභාගේන් ජය ලබන්න වැඩකරපු හැටි. මට O/L ජය ගැනිම සදහා ගුරැවරැන් අපමන වෙහෙසක් ගත්තා. මට මතකයි ඒ දවස්වල අපි කරපු දේවල්.අපි අදේ 6.00 ඉස්කෝලේ ආවා.හවස 6.00ට ගෙදර ගියේ. අපිට කාල සටහනකට වැඩ කරන්න අපේ අරැණ සර් කියලා දුන්නා.ඒ කාල සටහන හැමදාම සර් බැලුවා.ඒ කාල සටහනේ ප්‍රධාන දෙයක් තමයි උදේ 4.00 නැගිටලා පාඩම් කරන එක.ඒ කාල සටහනේ හැමදාම අම්මයි තාත්තයි අත්සන් කරන්න ඕන.ඊට පස්සේ හැම මාසයකම අන්තිමට කාල සටහන පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කළා.ඒ සර් දෙමව්පියන් ගෙන්නලා ළමයිගේ අඩුපාඩු කියලා දුන්නා.ඒ වැඩ හරියට කල නිසා තමයි අපි අද මේ තැන ඉන්නේ.
ඒ වගේම සර් අපිට හැමදාම ඉංග්‍රිසි,ගණිතය ප්‍රශ්න පත්තරවලට උත්තර ලියන් එන්න කියලා කිව්වා.උදේ 6.00 වෙනකොට ළමයි හැමෝම ප්‍රශ්න පත්තරවලට උත්තර ලියලා කාල සටහන් මේස උඩින් තියලා තමයි වැඩ පටන් ගන්නේ.සර් හැමදාම පාඩම පටන් ගන්නේ පෙර දිනේ දුන්නු වැඩ බලලා.සර් හරිම සැරයි.ළමයි සර් දකින කොටත් දුවනවා.ඒත් සර් හැමවෙලාවේම එහෙම නැහැ.හැබැයි ඒ සර් කිසිම වේලාවක අපිට පන්තියේ නට නටා ඉන්න දුන්නේ නැහැ.සර්ට මොන වැඩේ තිබුණත් අපිට මොනව හර් වැඩක් කරන්න දීලා තමයි යන්නේ.සර් උගන්වන්නේ ඉංග්‍රිසි.ඒ වගේම අපිට ගණිතය විෂයත් ඉගැන්වුවා.ඒ විතරක් නෙමෙයි හැම විෂයක් ගැනම දැනුම අපට දුන්නා.
මට මතකයි අපිට චක්කරේ බැරිව ගුටි කාපු තරම්.ඊට පස්සේ අපි චක්කරේ පාඩම් කරලා සර්ට දුන්නා.ඒ කාපු ගුටිවලට පිං සිද්ද වෙන්න තමයි අද මට A/L කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.මට විතරක් නෙමේ 2009 O/L ලියලා පාස් උන හැමෝටම.අපි විභාගේට ගොඩාක් වැඩ කළා.ඒ අතරෙදී අපි computer වැඩ කළා.සර් අපිට සමබරව වැඩ කරන්න කියලා දුන්නා.සර් කාලය ශ්‍රමය කැප කරලා අපිව ගොඩ දාන්න උදේ හවස මහන්සි වුනා.ඒ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වෙන වසර වලට වඩා අපේ ඉස්කොලේ ප්‍රතිඵල ගොඩාක් හොදයි.ගොඩාක් ළමයි පාස්.මෙවර ප්‍රතිඵල වැඩි වුනේ සර් කිවුව විදියට වැඩ කටයුතු කළ නිසා.මේ වගේ ප්‍රතිඵලයක් දාන්න පුඵවන් උනේ අපේ සර් නිසා.
Advertisement










ඔය වැනි ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලබන්නට හැකිවීම ඔබේ වාසනාවක්. ඔබත්, ඔබේ පාසලත් පරිගණක අංශයෙන් ලබා තිබෙන දියුණුව ගැන දකිනවිට ඇතිවන්නේ විශාල සතුටක්. කොළඹින් දුර බැහැර පළාතක, අඩු පහසුකම් යටතේ වුවත් ඔබ ඔය තත්ත්වයට ළඟාවී තිබෙන්නේ ඔබේ ගුරුවරුන්ගේ උත්සාහය නිසා කියලයි මට හිතෙන්නෙ. ඔබේ පාසල, අනෙකුත් පාසල්වලට අගනා ආදර්ශයක්. ඔබේ ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරමි.
By: පාඨකයා on April 28, 2010
at 7:41 am
බොහොම ස්තුතියි comment කලාට……
By: nuwanbmv on April 29, 2010
at 4:22 am
ඔන්න මගෙන් සුබපැතුම්.. හොඳට ඉගෙන ගන්න. කවදා හරි සර් වගේ රටට වැඩක් කරන්න
By: කණිෂ්ක on April 28, 2010
at 9:38 am