කාලය ඉගිල යද්දි නොදැනිම හිතට
දිනකදි මහලු විය එළඹිය හැක අපට
ගත සිත දෙකම බෙලහීනව ගිය කලට
මරුවා සිටිනු ඇත අප ළඟ තනිකමට
දන්නා කියන මළගිය අය හැම දෙනම
සිත තුළ සිටින්නේ් පණපිටිනුයි තවම
වයසට නොයන නොමැරෙන ඒ අය සැවොම
ඒ ලොව රැෙඳනු ඇත අප එහි එන තුරුම
මළවුන් නටන අප හිත රඟ මඬලක්ය
ඒ අය රඟන්නේ අප එහි එනතෙක්ය
එනමුදු එරඟ සිත සනසන ඔසුවක්ය
මියගිය දාට ඒ සිත වුව සොහොනක්ය
දුක පමණක් නොවෙයි නිවනත් දුක නිවෙන
හිත තුළමයි ඇත්තෙ නිති සිතුවිලි පිරෙන
චෙතො-විමුක්තිය සිතුවිලි හිස් කරන
හිත ඇතුළෙන්ම පෙන්නයි ලොවුතුරු නිවන
ටී.එස්. අබේවික්‍රම
Advertisement









