ඉණිමඟ පවා බිම ලන ගිය සැනින් උඩ
මිනිසුනි නොදෙනු මැන නොමිනිස් කමට ඉඩ
පැණි රැඳි නමුදු විස ඇති නිති දෙඹර තුඩ
පිණි වැටි නෙලුම් පෙති මත නැත ගොහොරු මඩ
සුදනන් නැතොත් ආයුස කල්පයක් ඇති
ලද දිවියක් කුමට මොහොතක් සතුට නැති
දිය රැළි මවන මිරිඟුව වන් ජලය නැති
සඳ නැති අහසෙ නොපෙනේ තරු කොතෙක් ඇති
මුව විට පුරෝගෙන රලු විස බස් නො අඩු
නව ගුණ වැල ඇතිව නිති මෙත් බවුන් වැඩූ
කව දත් හිඟ නොවුණු දන රුදු වදන් දෙඩූ
අව පස සඳක් ලෙස බැසයති පැහැය අඩු
සුල මුල සොයන අන් අයගේ නිරතුරුම
පැල පදියන්ව ඇත තිරිසන් ගති බොහොම
කුල මළ සොය සොයා යන මිනිසුන් මෙහෙම
මිල නොකැළැකි මිනිස්කම දකිති ද කොහොම
Advertisement










අවැඩක් කලොත් ඉන් අවැඩක් සිදුවෙනවා
හොදදේ කලොත් සුබපල අත්වෙනවා
නොමිනිස්කම පරදා මිනිසත්කම දලුලනවා
කල හොදනරක මිනිසා පසුපස එනවා
By: ilandhariya on May 6, 2010
at 12:35 pm
ela
By: /බිඟුවා...! on May 6, 2010
at 2:06 pm