මෙලොව ජිවත්වන අප ආදරය කරැණාව මුලින්ම හදුනා ගන්නේ දෙමාපියන්ගෙන් ය. අප මෙලොව එළිය දුටු දා පටන් දෙමාපියන්ගෙන් අපට ඉටුවන සේවය යුතුකමි හා වගකිම් මෙතෙකැයි ප්රඅමාණය කල
නොහැකිය. අපට හොද නරක කියාදි අප යහපත් මාවතට යොමු කරන දෙමවිපියන්ට අපි කිකරැ විය යුත්තෝ වෙමු.
දෙමවුපියෝ සැමවිටම අපේ ආරක්ෂාව සලසයි ඔවුහු කවර දිනෙකවත් අපට නරක දෙයක් කිරිමට උපදෙස් නොදෙති ඔවුන් හැම විටම උත්සහ කරන්නේ අප යහමගට යොමුකර අපේ අනාගතය දියුනුව සලසා දිමටය අපගෙන් යම්කිසි වරදක් දෙමාපියන්ට සිදුවුවහොත් ඒ ගැන හොද නරක කියාදි අප හදා වඩා ගැනිමට උත්සහ ගැනිම දෙමාපියන්ගේ සිරිතය.
හැම විටම කුඩා අපගේ දුකසැප බලන්නේ අම්මාය අම්මා අපට කැම බිම පිළියෙල කර දි අප පෝෂනය කරන්නිය. අපේ ඇදුම් පැලදුම් සෝදා පිරිසිදු කර දෙන්නිය. පුංචි අපට ලෙඩක් දුකක් හැදුනු විට අම්මා මෙන්ම තාත්තාද අප ලගටම වි සිටිති.
කුඩා අපට අවශ්යු කරන පොත් පත් ආදිය තාත්තා අපට ගෙනැවිත් දෙයි. එසේම තාත්තා වැඩට ගොස් එන විට රසවත් ආහාර වර්ගද ගෙනැවිත් දෙයි.
අප පාසලට ගොස් ආපසු පැමිණි විට මගේ පොත්පත් අම්මා බලයි. එ වගේම අපට අමාරැ පාඩම් කියා දෙයි. පොත් කියවිමටත් ගනන් හැදිමටත් නිතර උපදෙස් දෙයි. මොවුන් මෙම උදවු අපට කරන්නේ අපේ අනාගත දියුනුව බලාපොරොත්තුවෙනි.
අපේ දෙමාපියන් අපට හැස දෙයක්ම කරන්නේ ඔවුන් අපෙන් කිසිවක් බලාපොරොත්තු නොවේ. දෙමාපියන්ගේ අවවාද පිලිගෙන කටයුතු කරන ළමයි හැම දෙනාගේම සිත් දිනා ගනී.
අපට හැම විටම හොද නරක කියාදෙන අප යහමගට යොදන අපට පාසල් යාමට ඉගෙන ගැනිමට උදව් කරන අපට ලෙඩට දුකට සලකන අපට නිතරම ආදරයෙන් කරැනාවෙන් කටයුතු කරන අපට නිතරම ආශිර්වාද කරන අපේ දෙමාපියන්ට ඒ නිසාම අපි කිකරැ විය යුත්තෝ වෙමු.
අප එසේ දෙමාපියන්ට කිකරැව කටයුතු කරන විට ඔවුහු අපට වැඩි වශයෙන් සලකති. අපට ආදරය කරති. එ නිසා අපි දෙමාපියන්ට කිකිරැ වෙමු.
Advertisement









